අත්ට්‍රැක්ටරයක් කළ විනාශයක්.. නිකවැරටියේදී පාලනය කරගත නොහැකිවූ රථය රියදුරුගේ පණ උදුරාගනියි..
නිකවැරටිය පොලිස් වසමට අයත් ඇලවක - බලල්ල මාර්ගයේ සියඹලෑව ප්‍රදේශයේදී ඊයේ (21) අවාසනාවන්ත රිය අනතුරක් සිදුවෙලා තිබෙනවා.
අත්ට්‍රැක්ටර් රථයක් පෙරළීයාමෙන් සිදුවූ මේ අනතුරින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය වාර්තාකරනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී අත්ට්‍රැක්ටර් රථය බලල්ල දෙසට ධාවනයවෙමින් තිබී ඇති අතර එහිදී රියදුරාට රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැනපෙරළී ගොස් ඇතිබව මූලික විමර්ශනවලදී හෙළිවෙලා තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේවන විට නිකවැරටිය රෝහලේ තැන්පත් කරලා තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
මාර්ගයේ ධාවනය කිරීමේදී රියදුරන් වැඩි සැලකිල්ලක් දැක්වීම මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඉවහල් වනු ඇති බවයි පොලිසිය නිරන්තරයෙන් සිහිපත් කරනවා.