අත්ට්‍රැක්ටරයක් කළ විනාශයක්.. නිකවැරටියේදී පාලනය කරගත නොහැකිවූ රථය රියදුරුගේ පණ උදුරාගනියි..
Wednesday, 22 April 2026 - 17:00 | Views - 253
නිකවැරටිය පොලිස් වසමට අයත් ඇලවක - බලල්ල මාර්ගයේ සියඹලෑව ප්‍රදේශයේදී ඊයේ (21) අවාසනාවන්ත රිය අනතුරක් සිදුවෙලා තිබෙනවා.

අත්ට්‍රැක්ටර් රථයක් පෙරළීයාමෙන් සිදුවූ මේ අනතුරින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය වාර්තාකරනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී අත්ට්‍රැක්ටර් රථය බලල්ල දෙසට ධාවනයවෙමින් තිබී ඇති අතර එහිදී රියදුරාට රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැනපෙරළී ගොස් ඇතිබව මූලික විමර්ශනවලදී හෙළිවෙලා තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේවන විට නිකවැරටිය රෝහලේ තැන්පත් කරලා තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

මාර්ගයේ ධාවනය කිරීමේදී රියදුරන් වැඩි සැලකිල්ලක් දැක්වීම මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඉවහල් වනු ඇති බවයි පොලිසිය නිරන්තරයෙන් සිහිපත් කරනවා. 
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top