තවමත් අයදුම් කළේ නැද්ද? දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ දිනය වෙනස් වෙයි. සම්පූර්ණ විස්තරය මෙන්න.
2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය සඳහා අයැදුම්පත් බාරගන්නා කාලසීමාව දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 30 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න ප්‍රකාශකරලා තිබෙනවා.
මීටපෙර මේ විභාගය සඳහා අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය ලෙස නියමකර තිබුණේ අප්‍රේල් මස 20 වැනිදායි.
එහෙත් පවතින උනන්දුව සලකාබලා එම දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් තීරණයකරලා තිබෙනවා.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (dbagovlk.org), දහම් පාසල් අංශයේ වෙබ් අඩවිය (www.dbadhammaschool.giize.com) හා Google Play Store හි ඇති "Dhamma School" ජංගම යෙදුම (App) හරහා අදාළ විභාගය සඳහා අවශ්‍ය අයැදුම්පත් හා උපදෙස් මාලාවන් ක්‍රම කිහිපයක් ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
දහම් පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය දක්ෂතාවයන් ඇගයීම සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් මේ ගුරු සහතිකපත්‍ර විභාගය වාර්ෂිකව සංවිධානය කරනවා.
මේ සහතිකය ලබාගැනීම දහම් පාසල් ගුරුවරුන්ගේ අනාගත උසස්වීම් හා පිළිගැනීම සඳහා බෙහෙවින් වැදගත්වනු ඇතිබව වාර්තාවෙනවා.
එබැවින් තවමත් අයදුම් කිරීමට නොහැකිවූ අයදුම්කරුවන් සිටී නම්, ලබාදී ඇති මේ අමතර කාලය උපයෝගී කරගනිමින් කඩිනමින් අයදුම්කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීලා තිබෙනවා.