මේක කියවනකල් වැඩිහිටියෝ දන්නේ නැතිව ඇති.. මෙන්න අද දවසේ ඔවුන්ට ලැබෙන්න යන ලොකුම සහනය..
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන වැඩිහිටි දීමනාව අද (22) සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරනබව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිලවශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා.
මේ දීමනාව අදියර දෙකක් යටතේ ප්‍රතිලාභීන්වෙත ලබාදීමට සැලසුම් කරලා තිබෙනවා.
පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකුටත්, දෙවන අදියර යටතේ වැඩිහිටියන් 72,525 දෙනෙකුටත් මුදල් බැර කිරීම සිදුකරනු ලබනබව වාර්තා කරනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන පරිදි අදාළ ප්‍රතිලාභීන්ට තම දීමනාව අද සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් හරහා ලබාගැනීමට හැකියාව ඇති අතර ප්‍රතිලාභීන් විශාල පිරිසකට සහනයක් වෙමින් රජය විසින් මේ පියවරගෙන තිබෙන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වැඩිහිටි ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.
අස්වැසුම දීමනා මුදල් බැරවී ඇත්දැයි බැංකු ගිණුම පරීක්ෂාකර බැලීමෙන් ඔබට තහවුරු කරගන්න පුලුවන්.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.