මියගිය සගයින් යළි එනතුරු මඟබලා සිටින පුංචි පැටවා කාගේත් නෙතට කඳුළක් එක්කරයි.
Wednesday, 22 April 2026 - 12:00 | Views - 74
කලාවැව ප්‍රදේශයේදී අමානුෂික ලෙස සුනඛයින් 10 දෙනෙකු ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මානව හිමිකම් සංවිධාන හා ප්‍රදේශවාසීන් අද (22) මැදිහත්වෙලා තිබෙනවා.

මේ සත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම ඇතුළු පිරිසක් අද ඉපලෝගම පොලිස් ස්ථානයවෙත පැමිණ තිබෙනවා.

"තිරිසන් සතුන් වුවද මෙලෙස සමූහ වශයෙන් ඝාතනය කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක අනුමත කළ නොහැක්කකි." බව මාධ්‍යවෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.

මේ ඝාතනයෙන් දිවි ගලවාගත් ඉතිරිව සිටින එක් සුනඛයෙකු හා කුඩා පැටවෙකු, මියගිය තම සගයන් යළිඑනතුරු මඟබලා සිටින අයුරු අදත් එම ප්‍රදේශයේදී දැකගත හැකිවෙලා තිබෙනවා.

තම පිරිස අහිමිවීමේ ශෝකයෙන් එම කුඩා සුනඛ පැටවා මහමඟ නිදාසිටින සංවේදී දර්ශන දුටු ප්‍රදේශවාසීන්ගේ දෑස් කඳුළින් තෙත්වී තිබෙන බව අප වාර්තාකරු පැවසුවා.


ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකරලා තිබෙනවා.

මියගිය සුනඛයන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමටයි පොලීසිය පියවරගෙන තිබෙන්නේ.

එම වාර්තාව ලැබුණු පසු සැකකරුවන් හඳුනා ගැනීමට වැඩිදුර පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරනවා.


අහිංසක සතුන්ගේ ජීවිත අමානුෂික ලෙස උදුරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top