"යොදා මිනිස් බලයක්, රැකගමු මිහිතලයක්" මිහිතල දිනයදා ලෝකයට දුන් පණිවිඩය..
Wednesday, 22 April 2026 - 11:00 | Views - 89
සෑම වසරකම අප්‍රේල් මස 22 වැනිදාට යෙදෙන "ලෝක මිහිතල දිනය" (Earth Day) අදට යෙදී තිබෙනවා.

පෘථිවියේ ජීවත් වන සියලුම ජීවීන්ගේ ආරක්ෂාව සහ සොබාදහම රැකගැනීමේ අරමුණින් ලොව පුරා රටවල් රැසක් අද දිනයේ විවිධ වැඩසටහන් සංවිධානය කරලා තිබෙනවා.

මෙවර 2026 වසරේ මිහිතල දින තේමාව ලෙස නම්කර තිබෙන්නේ "Our Power - Our Planet" හෙවත් "මිනිස් බලය යොදා මිහිතලය රැකගනිමු" යන්නයි.

පෘථිවිය විනාශ වීමට ඉඩනොදී, මිනිස් ශ්‍රමය හා බුද්ධිය උපරිමයෙන් යොදවා පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය මෙමගින් අවධාරණය කරලා තිබෙනවා.

වර්තමානය වනවිට අප මුහුණ දෙන පාරිසරික ගැටලු අතිශය සංකීර්ණවෙලා තිබෙනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය සීඝ්‍රයෙන් අහිමිවීම, කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු හා වන හායනය වැනි කරුණු නිසා මිහිතලයේ පැවැත්මට දැඩි තර්ජන එල්ලවෙලා තිබෙනවා.

මේ අභියෝගයන් ජයගැනීමට නම් ගෝලීය වශයෙන් සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය බව පරිසරවේදීන් පෙන්වාදෙනවා.

ප්‍රථමවරට ජගත් මිහිතල දිනය සමරා තිබෙන්නේ 1970 අප්‍රේල් 22 වැනිදා අමෙරිකාවේදියි.

පසුව, පෘථිවිය මත ඇති සියලුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන එකම පද්ධතිය ලෙස මිහිතලය සැලකීම අරමුණු කරගනිමින්, 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ දිනය නිල වශයෙන් නම්කරලා තිබෙනවා.

අප උපන් මේ මිහිතලය මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිතව දායාද කිරීම අප සැමගේ වගකීමක් වන බැවින්, අද දිනයේ ගසක් සිටුවීමට හෝ පරිසරයට හිතැති දෙයක් කිරීමට ඔබටත් හැකියාව තිබෙනවා.

ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබ ගන්නා කුඩා හෝ පියවරක් අනාගත ලෝකයම සුවපත් කිරීමට හේතුවනු ඇතිබව අප මතක්කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top