"ප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න තාත්තේ!" රට යන තාත්තාගේ අතට දුව දීපු ලෝකේ වටිනාම ලියුම.
Tuesday, 21 April 2026 - 18:18 | Views - 145
සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන නම් දුවෙක් තමන්ගේ තාත්තා දෙස බලන විදිහ දකින්න ඕන කියල කතාවක් තියෙනවා.

මේ කියන්න යන්නෙත් තමන්ගේ පණ වගේ ආදරේ කරන තාත්තා තමන්ව දාලා හම්බ කරන්න රට යන වෙලාවේ, පුංචි දෝණියෙක් ඇගේ හිතේ තියෙන ආදරය අකුරු කරපු අපූරු පණිවිඩයක් ගැන.

"මේක කවදාවත් විසික් කරන්න එපා තාත්තේ..."

සරස නිලංක විසින් මුහුණුපොතට එක් කර තිබූ මේ සටහන දුටු ඕනෑම කෙනෙක්ගේ හදවත මොහොතකට නතර වන බව නම් සහතිකයි.

රට යන තාත්තා අතට දුව දීපු ඒ පුංචි කොළ කැබැල්ලේ ලියවිලා තිබුණේ හරිම අහිංසක ඉල්ලීම් ටිකක්.

"මම ඔයාට ගන්න කෝල් අන්සර් කරන්න... කවදාවත් කට් කරන්න එපා... ප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න... රටට ආපු ගමන් මට කෝල් එකක් ගන්න..."

පුංචි දෝණියෙක්ට තමන්ගේ තාත්තා රට යනවා කියන එක කොච්චර ලොකු වේදනාවක්ද කියලා මේ අකුරු දකිද්දී අපිට තේරෙනවා.

ඒ වගේම ඇය අවසානයට කරපු ඉල්ලීම තමයි හැමෝගෙම හදවතට තදින්ම දැනුණේ.

"මේක කවදාවත් විසික් කරන්න එපා, ලංකාවට ඇවිල්ලත් විසික් කරන්න එපා."

තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, හිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන, දරුවන්ගෙන් වෙන්වෙලා විදේශගත වෙන හැම තාත්තෙක්ටම මේ ලියුම ලොකු හයියක්.

සල්ලිවලට වඩා තමන්ගේ දරුවන්ගේ ආදරය වටිනා බවත්, දුවෙක්ට තාත්තා කියන්නේ මුළු ලෝකයම බවත් මේ පුංචි ලියුම අපිට ආයෙමත් මතක් කරලා දෙනවා.

සමාජ මාධ්‍ය පුරා මේ සටහන හුවමාරු වෙද්දී බොහෝ දෙනෙක් පවසන්නේ, "ලෝකේ තියෙන වටිනාම ලියුම සහ සහතිකය මේකයි" කියලා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top