ලංකාවේ වැඩ කරන කාන්තාවන් ගැන විශේෂ හෙළිදරව්වක්.. ශ්‍රම බලකාය ගැන හෙළිවූ තොරතුරු මෙන්න.
Tuesday, 21 April 2026 - 17:54 | Views - 92
2024 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව මෙරට ආර්ථිකය හා ශ්‍රම බලකාය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු රැසක් අනාවරණය වෙලා තිබෙනවා.

එම වාර්තාව පෙන්වාදෙන පරිදි මෙරට වැඩ කළහැකි වයසේ පසුවන ජනගහනය ලක්ෂ 172 ඉක්මවලා තිබෙනවා.

මෙරට ආර්ථිකය ක්‍රියාශීලීව ඉදිරියට ගෙනයාමට දායකවන රැකියාවල නියුක්ත ජනගහනය 7,671,232ක් ලෙස වාර්තාවුණා.

මෙයින් වැඩිම දායකත්වයක් දක්වන්නේ ග්‍රාමීය අංශයේ ජනතාව වනඅතර එම ප්‍රතිශතය සියයට 78.9ක් තරම් ඉහළ අගයක පවතිනවා.

නාගරික අංශයේ දායකත්වය සියයට 16.9ක් ලෙස සටහන්වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම වයස අවුරුදු 40ත් 44ත් අතර පසුවන පුද්ගලයන් වැඩි වශයෙන් ආර්ථිකයට සක්‍රීයව දායකවෙනවා.

වැඩකළ හැකි වයසේ පසුවුවත් විවිධ හේතූන්මත ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබානොදෙන පිරිස ලක්ෂ 91ක් බව සංගණන වාර්තාව පෙන්වාදෙනවා.

මොවුන් අතරින් වැඩිම ප්‍රතිශතයක් කාන්තාවන් වනඅතර එම අගය සියයට 70.6ක්. පූර්ණ කාලීන ශිෂ්‍යයන්, ගෘහ කටයුතුවල නිරත වන්නන්, විශ්‍රාමිකයින් හා රෝගීන් මේ කාණ්ඩයට ඇතුළත් කරලා තිබෙනවා.

මෙරට රැකියා වියුක්ත සමස්ත ජනගහනය ලක්ෂ 5කට ආසන්න අගයක් ගන්නා අතර මෙයින් වැඩිම පිරිසක් වයස අවුරුදු 20-24 අතර කාණ්ඩයේ පසුවන අයයි.

සංඛ්‍යාත්මකව කොළඹ, ගම්පහ හා මහනුවර යන දිස්ත්‍රික්කවල වැඩිම රැකියා වියුක්ත පිරිසක් සිටියත්, ප්‍රතිශතයක් ලෙස මඩකලපුව, ත්‍රිකුණාමලය හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල රැකියා වියුක්තිය ඉහළ මට්ටමක පවතිනවා.

මෙරට ශ්‍රම බලකායට සම්බන්ධ වී සිටින කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ඉහළ අධ්‍යාපන මට්ටමක් හා කුසලතා පූර්ණ අයවීම විශේෂත්වයක්.

උසස් පෙළ හා උපාධිධාරී කාන්තාවන්ගේ ශ්‍රමදායකත්වය ඉහළ මට්ටමක පවතින බව සංගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වෙනවා.

මෙරට ආර්ථිකයේ ඉදිරිගමන සඳහා මේ දත්ත අතිශය වැදගත් වනඅතර, රැකියා වියුක්තිය අවම කිරීමට ඉදිරියේදී නව වැඩපිළිවෙළවල් ක්‍රියාත්මකවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top