අධිවේගී මාර්ග ඉතිහාසයේ සුවිශේෂී ආදායමක්! අවුරුදු නිවාඩුවට ගිය සෙනඟ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය ලැබූ ජයග්‍රහණය මෙන්න.
Tuesday, 21 April 2026 - 16:10 | Views - 86
අලුත් අවුරුදු කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතය සම්බන්ධයෙන් සුවිශේෂී වාර්තාවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරලා තිබෙනවා.

එම නිවේදනයට අනුව ගතවුණු දින 10ක කාලය ඇතුළත රුපියල් මිලියන 536කට අධික දැවැන්ත ආදායමක් උපයා ගැනීමට රජයට හැකියාව ලැබිලා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන පරිදි අප්‍රේල් මස 10 වැනිදා සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතා කළ රථවාහනවලින් රුපියල් 536,425,675ක ආදායමක් ලැබී තිබෙනවා.

අවුරුදු නිවාඩුව සඳහා කොළඹින් පිටතට ගිය හා නැවත කොළඹට පැමිණි ජනතාව වැඩිවශයෙන් අධිවේගී මාර්ග භාවිතා කිරීම මෙලෙස ආදායම ඉහළයාමට ප්‍රධානතම හේතුවවෙලා තිබෙනවා.

ආදායම මෙන්ම අධිවේගී මාර්ග භාවිතාකළ රථවාහන සංඛ්‍යාවද මෙවර ඉතා ඉහළ අගයක්ගෙන තිබෙනවා.

එම කාලසීමාව තුළදී අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයක් (1,431,319) බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

අධික රථවාහන සංඛ්‍යාවක් මාර්ගයට පිවිස තිබුණත්, ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරතිබූ බව වාර්තාවුණා.

විශේෂයෙන්ම තදබදය පවතින අවස්ථාවලදී අයකැමි කුටි සංඛ්‍යාව ඉහළ දැමීම ඇතුළු විකල්ප ක්‍රියාමාර්ග රැසක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින්ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top