ලොව පැරණිතම මැරතන් පිටියේ ලාංකේය අභිමානය.. වයස අභියෝගයක් නොවූ අපේ වීරයා..
Tuesday, 21 April 2026 - 14:34 | Views - 29
ලෝකයේ පැරණිතම හා කීර්තිමත්ම මැරතන් තරගය ලෙස සැලකෙන, වසර 130ක ඉතිහාසයක් ඇති 'බොස්ටන් මැරතන්' (Boston Marathon 2026) තරග බිමේදී මුළු ලෝකයක්ම මවිත කරමින් රන් පදක්කම දිනාගැනීමට ලාංකේය ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා. ඒ ප්‍රවීණ මැරතන් ශූර ගාමිණී සුගතදාස මහතායි.

මෙවර තරගයේදී ගාමිණී මහතා තරග වැදුණේ අවුරුදු 55 - 59 වයස් කාණ්ඩය යටතේයි. ලෝකයේ විවිධ රටවලින් පැමිණි දක්ෂතම ක්‍රීඩකයන් 3,800කට අධික පිරිසක් සමඟ කරට කර සටනක් දෙමින් එම වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඔහු සමත්වෙලා තිබෙනවා.

රටවල් 130ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000ක් සහභාගී වූ මෙම මහා තරගාවලියේදී ලාංකේය ධජය ඉහළින්ම ඔසවන්නට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

මෙය ගාමිණී මහතා ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය නොවේ. පසුගිය 2025 වසරේ පැවැති නිව්යෝර්ක් මැරතන් (New York City Marathon) තරගයේදී ද ලෝකඩ පදක්කම දිනාගනිමින් ඔහු ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කරදී තිබෙනවා.

එදා තැබූ පැය 2කුත් විනාඩි 42ක දක්ෂතාවය තවත් ඔපමට්ටම් කරගනිමින් මෙවර බොස්ටන් පිටිය ජයගැනීම විශේෂත්වයක්.

වර්තමානයේ අමෙරිකාවේ ලාස් වේගාස් හි පදිංචිව සිටියත්, ගාමිණී සුගතදාස මහතා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය ඉදිරියට ගෙනයාමටයි.

නිවැරදි අරමුණක් හා උත්සාහයක් තිබෙනවා නම් වයස යනු සාර්ථකත්වයට බාධාවක් නොවන බව තමන්ගේ නොපසුබට උත්සාහය තුළින් ඔහු මුළු ලෝකයටම පෙන්වාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top