ඔබේ බැංකු ගිණුමත් අවදානමේද? හදිසියේවත් මේ වගේ ව්‍යාජ වෙබ් අඩවිවලට රැවටෙන්න එපා!
Tuesday, 21 April 2026 - 13:12 | Views - 67
පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන අයුරින් ව්‍යාජ වෙබ් අඩවියක් (Fake Website) නිර්මාණය කර රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ පළාත් ඒකකය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මේ සැකකරු හසුවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

ව්‍යාජ ලෙස සකස්කළ වෙබ් අඩවියක් ඔස්සේ පෞද්ගලික බැංකුවක ගිණුමකින් රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයට පසුගිය පෙබරවාරි 16 වනදා පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මකවූ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව ඊයේ (20) දහවල් මේ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වෙලා තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරු වාරියපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නිලධාරීන් පියවරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 22 හැවිරිදි සැකකරු අද (21) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන බවයි වාර්තා වෙන්නේ.

මෙවැනි ව්‍යාජ වෙබ් අඩවිවලට රැවටී තමන්ගේ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත්, නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top