අද එළියට යනකොට මතක ඇතිව කුඩයක් අරගෙන යන්න.. කාලගුණය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (21) දිනයේදී මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පවතින කාලගුණික තත්ත්වය මත ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වීමට ඉඩකඩ තිබෙනවා.
මීට අමතරව මධ්‍යම, සබරගමුව, උතුරු මැද හා ඌව පළාත්වලත්, ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව වාර්තාවුණා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ග ලිස්සා යාම් වැනි තත්ත්වයන් ඇති වීමට අවස්ථාව තිබෙනවා.
එබැවින් රියදුරන් හා පදිකයන් ඒ පිළිබඳව සැලකිලිමත් වියයුතු බවත්, කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම වැදගත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.