ලෝකයේම අවධානය දිනාගත් "ආලෝකා" ලංකාවට එයි.. ජාත්‍යන්තර සාම පා ගමනට සියල්ල සූදානම්.
Tuesday, 21 April 2026 - 10:16 | Views - 92
සාමයේ පණිවිඩය ලොවපුරා රැගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.

මේ සුවිශේෂී ගමනට සහභාගී වන "ආලෝකා" (The Peace Dog) නැමැති සාමයේ සුරතලා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවා.

පඥාකර ස්වාමින් වහන්සේ සමඟ මෙරටට පැමිණි මෙම සුරතලා ලෝකය පුරාම විශාල අවධානයක් දිනාගෙන සිටිනවා.

ආලෝකාගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා සුබසාධනය වෙනුවෙන් රජය මගින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් සංවිධානය කර තිබෙනවා.

සාමයේ සංකේතයක් ලෙස මේ සුරතලා පා ගමන පුරාම හිමිවරුන් සමඟ රැඳී සිටිනවා.

මේ සාම පා ගමන මෙහෙයවනු ලබන්නේ පඥාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් විසින්. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි වෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන යාම මේ පා ගමනේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

අද (21) පස්වරු 3.00 ට ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රෝපිත අංකුරය පා ගමනට සහභාගීවන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 4.00 ට රුවන්වැලි සෑය අසලදී විශේෂ ආගමික වැඩසටහනක් පවත්වා සාම පා ගමන ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර තිබෙනවා.

ලෝක සාමය උදෙසා මෙරටින් ඇරඹෙන මේ උතුම් කාර්යය සඳහා ජනතාවගේ ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top