හැටන් පාරේ කැරොලිනා වංගුවේදී මීගමුවේ පවුලකට අත්වූ අවාසනාවන්ත ඉරණම..
Monday, 20 April 2026 - 17:44 | Views - 96
හැටන් - කොළඹ මාර්ගයේ ගමන් කරන ඕනෑම රියදුරෙකු හොඳින්ම දන්නා, අතිශය භයානක ස්ථානයක් ලෙස සැලකෙන කැරොලිනා වංගුවේදී අද (20) පෙරවරුවේ අතිශය කම්පිත අනතුරක් සිදුවෙලා තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ සිට සංචාරයක නිරත වූ එකම පවුලක මව, පියා හා දියණියන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථය අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් මුළු පවුලටම මරණ බිය දැනුණු අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය පදවාගෙන ගොස්ඇත්තේ පවුලේ එක් දියණියක් වන අතර කැරොලිනා ප්‍රදේශයේ පිහිටි විශාල වංගුවේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී, ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන මේ ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

අඩි 50ක් පමණ පහළට පෙරළුණු මෙම බිහිසුණු අනතුරෙන් පවුලේ සාමාජිකයන් සිව් දෙනාගෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වහාම වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top