ජපාන වැසියන් සියල්ල අතහැර උස්බිම්වලට දුවන්නේ ඇයි? සම්පූර්ණ විස්තරය මෙන්න.
Monday, 20 April 2026 - 17:05 | Views - 129
තාක්ෂණයේ ඉහළින්ම සිටියත් සොබාදහමේ විපර්යාස හමුවේ නිරන්තරයෙන් පීඩාවිඳින ජපානයෙන් අද (20) තවත් පුවතක් වාර්තාවුණා.

ජපාන වේලාවෙන් අද පස්වරුවේ එරට ගිනිකොනදිග වෙරළතීරය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.5ක අගයක් සටහන්කළ අතිශය ප්‍රබල භූචලනයක් සිදුවෙලා තිබෙනවා.

භූචලනයේ ප්‍රබලත්වය කොතරම්ද කියනවානම්, ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසක ගොඩනැගිලි පවා තත්පර ගණනාවක් සෙලවී ගිය බව එරට මාධ්‍ය වාර්තාකළා.

මේ තත්ත්වයත් සමඟ ජපාන කාලගුණ විද්‍යා අංශ විසින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ උසැති සුනාමිරළ වෙරළට ළඟාවිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළා.

නවතම වාර්තාවලට අනුව, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වූ පළමු රළ පහර මේ වනවිටත් ජපානයේ ඉවාටේ (Iwate) ප්‍රාන්තයේ වෙරළට ළඟාවී තිබෙනවා. එම රළ සෙන්ටිමීටර් 40ක පමණ උසකින් යුක්තයි.

ඉදිරි පැය කිහිපය තුළ රළ පහරේ වේගය හා උස තවත් වැඩි වියහැකි බැවින්, වෙරළබඩ වෙසෙන සියලුම ජනතාවට වහාම ආරක්ෂිත උස්බිම් වෙතයන ලෙස ජපාන රජය නියෝගකර තිබෙනවා.

මේ වනවිට ජපානයම දැඩි අවදානම් සහගත හා භීතිකාජනක තත්ත්වයක පසුවන බව විදෙස් වාර්තා පවසනවා.

A TV screen shows a news report on Japan Meteorological Agency's tsunami warning in Tokyo

Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top