පාස්කු ප්‍රහාරයට වසර 7ක් පිරෙද්දී හෙට මුළු රටම මොහොතකට නතරවෙයි. යුක්තිය පතා කෙරෙන මහා සැමරුම මෙන්න..
Monday, 20 April 2026 - 16:05 | Views - 81
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් තැබූ බිහිසුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හෙට (අප්‍රේල් 21) දිනට වසර 7ක් සම්පූර්ණ වනවා.

ඒ වෙනුවෙන් ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පිරිස් සිහිපත් කරමින් හා ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙස බල කරමින් රටපුරා විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානයකර තිබෙනවා.

‘සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව’ යන්න මෙවර සැමරුමේ ප්‍රධාන තේමාවයි.

හෙට දින රටපුරා සියලු දේවස්ථානවල පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව නාදකිරීම, පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් පත්තු කිරීම හා පෙරවරු 8.50 ට යාච්ඤා කිරීම ආරම්භවන බව ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවා.

මේ සැමරුම් වැඩසටහනේ ප්‍රධාන උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා විදෙස් තානාපතිවරුන්, ආගමික නායකයන් හා විශේෂ අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි.

එහිදී විශාරද නන්දා මාලනිය විසින් ගායනා කරන විශේෂ ගුණසමරු ගීතයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ දිව්‍ය පූජාවන් හා සැමරුම් පැවැත්වෙන අතර, පස්වරු 4.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන "යැදුම් පා ගමන" කටුවපිටිය දෙව්මැදුරු පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top