සංගීත ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි! අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න.
Monday, 20 April 2026 - 14:36 | Views - 140
දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් හා මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, "ධර්මරත්න සහෝදරයෝ" කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න අභාවප්‍රාප්ත වුණා.
2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මේ අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරිකර තිබෙනවා.
"ධර්මරත්න සහෝදරයෝ" යන නාමය මෙරට සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය හේතුවෙනි.
අප්‍රේල් මස 20 වන සඳුදා පෙ.ව 9.00 සිට පසුදින (21) ප.ව 3.00 දක්වා රාගම, පේරලන්ද හංදියේ පිහිටි ඩී.එම් අවමංගල්‍ය ශාලාවේ මෘතදේහය තැන්පත්කර තිබෙනවා.
අප්‍රේල් මස 21 වන අඟහරුවාදා පස්වරු 4.00 ට හැඳල, කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

වම්පස ගිටාරය අතැතිව ඉන්නෙ රොනල්ඩ්, ඊළඟට මෙල්රෝයි, ඉන්පසු අම්මාට පස්සෙන් ඉන්නෙ මැක්ස්වල්, දකුණු කෙළවරේ ඉන්නෙ ක්‍රිස්ටි.
Share This Article