මිදිගම ව්‍යාපාරිකයෙකුගේ නිවසට මැදියම් රැයේ කඩා වැදුණු දෙන්නෙක් කරපුදේ.. ගේ ඇතුළෙන් ඇසුණු ශබ්දයෙන් මුළු පළාතම තැති ගනී.
Monday, 20 April 2026 - 11:17 | Views - 94
මිදිගම, යාහුවත්ත, ගංගොඩ ප්‍රදේශය අලුයම ඝෝෂාකාරී වෙඩි හඬකින් හෙල්ලීගිය පුවතක් අසන්නට ලැබුණා. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් ඉලක්ක කරගනිමින් ඊයේ (19) රාත්‍රී 11.30ට පමණ මේ බිහිසුණු වෙඩි ප්‍රහාරය එල්ලවෙලා තිබෙනවා.

හෝටල් හා කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවෙකුවන සුපුන් විජේසේකර නැමැති 35 හැවිරිදි ව්‍යාපාරිකයාගේ නිවසට මේ ප්‍රහාරය එල්ලවෙලා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු නිවසේ ගේට්ටුව විවෘතකර ඇතුළුවී මුලින්ම එහි නතරකර තිබූ මෝටර් රථයට ගිනි තබා අනතුරුව නිවස දෙසට ටී-56 ගිනි අවියකින් පස්වතාවක් පමණ වෙඩි ප්‍රහාර එල්ලකර ඔවුන් සූක්ෂ්මලෙස පලාගොස් තිබෙනවා.

මීටපෙර මිදිගම පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය තුළදී මේ ව්‍යාපාරිකයා 'මිදිගම ලන්සි' නැමැති පාර්ශවය අතර ඇතිවූ ආරවුලක් ප්‍රහාරයට හේතුවූ බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළිවෙලා තිබෙනවා.

ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති වුවත්, ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට හා නිවසේ ස්ථාන කිහිපයකට දැඩි හානියක් සිදුවෙලා තිබෙනවා.

සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අසල පවතින CCTV දර්ශන පරීක්ෂා කරන අතර, මිදිගම පොලිසිය විසින් ප්‍රදේශය පුරා විශේෂ මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

පාතාල කල්ලි අතර ඇති ගැටුමක්ද යන්න පිළිබඳවත් පොලිසිය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top