අකුරු කරන්නට දූ දරුවන් යළිත් පාසලට.. 2026 නව පාසල් වාරය අද සිට ඇරඹෙයි!
Monday, 20 April 2026 - 10:03 | Views - 88
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව අධ්‍යයන කටයුතු අද (අප්‍රේල් 20) සිට යළි ආරම්භවුණා.

නිවාඩු සමයේ උදාවූ විවේකයෙන් අනතුරුව දූ දරුවන් යළිත් පාසල් වෙත පැමිණෙන්නේ 2026 වර්ෂයේ තීරණාත්මක පාසල් වාරයකට මුහුණදීමටයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයට අනුව සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හා මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර අද ආරම්භ වනවා.

පසුගිය අප්‍රේල් 10 වනදා සිංහල හා දෙමළ පාසල්වල පළමු වාරය හා මුස්ලිම් පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අවසන් කරමින් අවුරුදු නිවාඩුව ලබාදී තිබුණා.

මෙවර පාසල් වාරය ආරම්භයත් සමඟම 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. 2026 වර්ෂයේ 1 ශ්‍රේණියේ II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් (Activity Books) බෙදාහැරීම මේ වනවිටත් ආරම්භකර ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම පොත් බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 30 වනදාට පෙර දිවයිනේ සියලුම පාසල් වෙත අවසන් කිරීමට සැලසුම් කරලා තිබෙනවා.

නව පාසල් වාරය ආරම්භයේදී දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම පාසල් පැමිණීමේදී ප්‍රවාහන පහසුකම් පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.

විශේෂයෙන්ම අවුරුදු සමයේ ගම්බිම් බලාගිය ජනතාව යළි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවෙත පැමිණෙමින් සිටින බැවින්, මාර්ගවල පවතින තදබදය පිළිබඳවද සැලකිලිමත් වියයුතුයි.


සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top