තිදරු මවක් මහනුවර වැවට පැන්නේ ඇයි? අලවතුගොඩින් ඇසුණු සංවේදී පුවතක් මෙන්න..
Monday, 20 April 2026 - 9:32 | Views - 110
මත්රකුසා මිනිස් ජීවිත හා පවුල් සබඳතා කෙතරම් බිහිසුණු ලෙස විනාශ කරන්නේද යන්න පසක් කරන අතිශය අවාසනාවන්ත පුවතක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මත්කුඩු පානය කිරීමට මුදල් සොයාගැනීම වෙනුවෙන් තම දයාබර බිරිඳව අසල්වැසියෙකුට මුදලට විකුණූ කාලකන්නි සැමියෙකු හා එම කාන්තාව දූෂණය කළ පුද්ගලයෙකු සොයා අලවතුගොඩ පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා.

තම සැමියා විසින්ම සිදුකළ මේ නින්දිත ක්‍රියාවෙන් ඇතිවූ දැඩි මානසික කම්පනය දරාගත නොහැකිව, 35 හැවිරිදි මේ තිදරු මව මහනුවර වැවට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරලා තිබෙනවා.

එම අවස්ථාවේදී එතැන සිටි ත්‍රිරෝදරථ රියදුරෙකු වහාම ක්‍රියාත්මකවී ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී ඇතිබව වාර්තාවුණා.

පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතරතුර ඇය වෛද්‍යවරුන් හමුවේ හැඬූ කඳුළින් පවසා ඇත්තේ මත්කුඩුවලට ඇබ්බැහිවූ සැමියා මීට වසර 5කට පෙර රුපියල් ලක්ෂ 11කට තම වකුගඩුවක්ද අලෙවිකර එම මුදලින්ද මත්කුඩු පානයකළ බවයි.

අවුරුදු 13, 12 හා 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනාගේ පියා වන මොහු, මත්කුඩු ගැනීමට මුදල් නැතිවූ තැන අසල්වැසියෙකු සමඟ ලිංගිකව එක්වන ලෙස බිරිඳට බලපෑම්කර තිබෙනවා. ඇය එය ප්‍රතික්ෂේප කළවිට, අසල්වැසියා විසින් ඇයගේ අතපය ගැටගසා අතවරකළ බව ඇය හෙළිකළා.

අසරණවී සිටින දරුවන් තිදෙනාගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මේ වනවිටත් ළමා රක්ෂණ අධිකාරියට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දන්වා තිබෙනවා.

බිරිඳව මුදලට විකුණූ සැමියා හා අතවරකළ පුද්ගලයා කොටුකරගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත්කරලා තිබෙනවා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top