හැඳුනුම්පත් ගන්න ඉන්න අයට සුභ ආරංචියක්! එක්දින සේවාව ඇතුළු සියලු සේවා හෙට සිට යළි ඇරඹෙයි..
Sunday, 19 April 2026 - 17:30 | Views - 70
ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි ජනතාවට සහනදායී පුවතක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් වාර්තා වනවා.

පද්ධති බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතරකර තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (20 වැනිදා) සිට නැවත සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.

අඩාලවී තිබූ දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථාවත්කර ඇතිබව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව හෙට උදෑසන සිට මහජනතාවට සිය අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණිය හැකියි.


බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාල හරහාද සිදුකෙරෙන සියලුම සේවාවන් හෙට සිට බාධාවකින් තොරව සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබත් හැඳුනුම්පතක් ලබාගැනීමට හෝ ඒ හා සම්බන්ධ වෙනත් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් හෙට දිනයේ සිට එම කටයුතු කරගැනීමට අවස්ථාව පවතිනවා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසු‍රෙන්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top