හැඳුනුම්පත් ගන්න ඉන්න අයට සුභ ආරංචියක්! එක්දින සේවාව ඇතුළු සියලු සේවා හෙට සිට යළි ඇරඹෙයි..
ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි ජනතාවට සහනදායී පුවතක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් වාර්තා වනවා.
පද්ධති බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතරකර තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (20 වැනිදා) සිට නැවත සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
අඩාලවී තිබූ දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථාවත්කර ඇතිබව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ අනුව හෙට උදෑසන සිට මහජනතාවට සිය අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණිය හැකියි.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාල හරහාද සිදුකෙරෙන සියලුම සේවාවන් හෙට සිට බාධාවකින් තොරව සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළා.
ඔබත් හැඳුනුම්පතක් ලබාගැනීමට හෝ ඒ හා සම්බන්ධ වෙනත් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් හෙට දිනයේ සිට එම කටයුතු කරගැනීමට අවස්ථාව පවතිනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.