බස් එකේදී කෑම දීලා කාන්තාවන් 3ක් සිහිමුර්ජා කළ කොල්ලකරු දැලේ.. රුපියල් ලක්ෂ 17ක මංකොල්ලයක්..
Sunday, 19 April 2026 - 16:30 | Views - 104
පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන මගීන්ගේ දැඩි අවධානයට යොමු විය යුතු අතිශය බිහිසුණු පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තාවුණා.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකුට මත්ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ලබාදී, ඔවුන් සතු රුපියල් දහහත් ලක්ෂ හයදහස් හාරසියයක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත්වෙලා තිබෙනවා.

පසුගිය අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ සිදුවූ මේ සිද්ධියේදී, සැකකරු අදාළ කාන්තාවන් සමඟ ඉතා හිතවත් අයුරින් කතාබස් කරලා තිබෙනවා.

පසුව ඔහු විසින් මත්ද්‍රව්‍ය මිශ්‍රකළ කෙටි ආහාර හා බීම වර්ගයක් ඔවුන්ට ලබාදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ.

එම ආහාර අනුභව කිරීමත් සමඟ කාන්තාවන් තිදෙනා බස්රථය තුළදීම සිහිසුන්වී ඇති අතර, එයින් ප්‍රයෝජනගත් සැකකරු ඔවුන් සතු වටිනා දේපළ කොල්ලකා සූක්ෂ්මලෙස පලාගොස් තිබෙනවා.

අනුරාධපුර පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, පෙරේදා (17) පණ්ඩුලගම ප්‍රදේශයේදී මේ සැකකරු කොටු කරගැනීමට හැකිවුණා. ඔහු සාලියවැව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී හමුවන නාඳුනන පුද්ගලයන් සමඟ අනවශ්‍ය හිතවත්කම් ඇතිකර නොගන්නා ලෙසත්, ඔවුන් ලබාදෙන ආහාර හෝ පාන වර්ග ලබාගැනීමේදී ඉතා බුද්ධිමත්ව හා සැලකිලිමත්ව කටයුතුකරන ලෙසත් විශේෂයෙන්ම පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top