අපිරිසිදු කෑම විකුණන අයට වැඩ වරදියි! PHI වැටලීම් 1900 පනී.. ආයතන 1109කට නඩු..
Sunday, 19 April 2026 - 14:56 | Views - 74
අලුත් අවුරුදු උත්සව සමයේ ජනතාවට අහිතකර ආහාර අලෙවි කරන වෙළෙඳුන් කොටු කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භකළ දැවැන්ත මෙහෙයුමේ නවතම තොරතුරු වාර්තාවුණා.

මේ වන විට දිවයින පුරා ආහාර වැටලීම් 1,963ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස ප්‍රකාශ කළා.

අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකවූ මේ විශේෂ වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් සහභාගීව සිටිනවා.

ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ උත්සව සමයේ පාරිභෝගිකයාට ලැබෙන ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමයි.

අප්‍රේල් 16 වැනිදා දක්වා මෙහෙයුමේ වාර්තාව මෙන්න.

පරීක්ෂා කළ ආයතන සංඛ්‍යාව - 19,537

සිදුකළ මුළු වැටලීම් - 1,963

ආහාර අත්අඩංගුවට ගැනීම් - 4,211

විශේෂ ආහාර විනාශ කිරීම් - 2,954

නඩු පැවරීම් - 1,109

උත්සව සමය නිමාවන තුරුම මේ පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා. එළඹෙන දිනවලත් වෙළෙඳසැල්, ආපනශාලා හා ආහාර නිපදවන ස්ථාන දැඩි පරීක්ෂාවට ලක්කරන බව ඔවුන් පැවසුවා.

අපිරිසිදු ආහාර හා පරණ ආහාර අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව ඔබට සැකයක් ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට වහාම කටයුතු කරන්න.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top