අවිහිංසාවාදයේ පණිවිඩය ලොවට ගෙනයන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව ඇරඹෙයි! ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමරිකාවට..
Sunday, 19 April 2026 - 12:20 | Views - 69

අවිහිංසාවාදී පණිවිඩය මුළු මහත් ලෝකයටම රැගෙන යාමේ අරමුණින් සංවිධානය කර ඇති "ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව" සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම්කර තිබෙනවා.
මේ සුවිශේෂී ආගමික මෙහෙවර සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස්නමක මහා සංඝරත්නය මේ වනවිට දිවයිනට වැඩමකර අවසන්.
ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසින් එළඹෙන 22 වැනිදා මේ සාම පාගමන ආරම්භවීමට නියමිතයි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ඇරඹෙන මේ පාගමනේදී විශේෂිතම සිදුවීම වන්නේ ශ්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩම කරවීමයි.
අනුරාධපුරයෙන් ආරම්භ වී දඹුල්ල, නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර හා කැලණිය හරහා දින කිහිපයක් පුරා ගමන් කරන මේ පාද යාත්‍රාව අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟාවීමට සැලසුම්කර තිබෙනවා.
නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාවේ සිට වැඩමකළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතව තිබෙනවා.
එම බෝධි අංකුරය පසුව ඇමරිකාව බලා වැඩම කරවීමට නියමිතව තිබෙනවා.
Share This Article