රාගමදී කාන්තාවකගේ "කොණ්ඩය කැපීමේ" සිද්ධියේ සැකකරුවන්ට වැඩ වරදියි.. අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න.
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී කාන්තාවකට අඩන්තේට්ටම් කර, ඇගේ හිසකෙස් කපා හිරිහැර කළ පිරිසට අධිකරණයෙන් දැඩි තීරණයක් ලැබී තිබෙනවා.
සමාජමාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මේ වීඩියෝව සම්බන්ධයෙන් ක්‍රියාත්මකවූ පොලිසිය, අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගකරලා තිබෙනවා.
අදාළ කාන්තාවට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ රාගම පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළා.
වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව, ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි පොලිසිය පියවර ගත්තේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්‍රධාන සැකකාරිය හා වයස අවුරුදු 20, 21, 22 හා 23 යන වයස්වල පසුවන තරුණයන් සිව්දෙනෙක්.
මේ තරුණයන් රාජාංගනය, කඩවත, රාගම හා ත්‍රිකුණාමළය - චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වාර්තාවුණා.
මහ දවල් කාන්තාවකට මෙලෙස හිරිහැර කරමින්, එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට තරම් මොවුන් සැහැසිවී තිබුණා.
නීතිය කාටත් පොදු බව පසක් කරමින් රාගම පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.