ගම්බිම් බලාගිය ජනතාවට විශේෂ පණිවුඩයක්.. පස්වරුවේ තදබදයක් ඇතිවිය හැකි නිසා කලින්ම පාරට එන්න.
Sunday, 19 April 2026 - 8:45 | Views - 67
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමවා යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (19) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනබව බලධාරීන් පවසනවා.
ඔබ අද දිනයේ කොළඹට පැමිණීමට සූදානම් වෙනවා නම්, මේ තොරතුරු වැදගත් වේවි.
අද පස්වරුවේ දුර සේවා බස් රථවල අධික මගී තදබදයක් ඇතිවිය හැකිබව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.
ඒ නිසා අපහසුතාවයකින් තොරව ගමනාන්තය කරා ළඟාවීමට හැකිතරම් වේලාසනින් බස්රථ වෙතට පැමිණෙන ලෙස ඔහු මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උත්සව සමය තුළ ඇතැම් බස්රථ නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අයකරන බවට ලැබුණු පැමිණිලි අනුව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් විශේෂ වැටලීම්ද අදත් ක්‍රියාත්මක කරලා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය වන අතර, හෙට (20) සිට දුම්රිය ධාවන කාලසටහන සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි.
Share This Article