ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණාත්මක වෙයි! ක්‍රීඩකයින්ගේ විනය රකින්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව කොන්ත්‍රාත් ගිවිසුමක්.
Sunday, 19 April 2026 - 8:15 | Views - 57
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය හා වෘත්තීය ගරුත්වය ඉහළ නැංවීමේ අරමුණින්, නව ජාතික කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ඉතා දැඩි කොන්දේසි කිහිපයක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර අරගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 31 වැනිදායින් පැරණි ගිවිසුම් කාලය අවසන් වූ අතර, නව ගිවිසුම් දැන් ක්‍රීඩකයින් වෙත භාරදී අවසන්.

මෙම නව නීති මාලාව ක්‍රීඩකයින්ට පමණක් නොව, පුහුණු කාර්ය මණ්ඩලයටද එකලෙස බලපැවැත්වෙනවා.

මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූ කරුණක් වන්නේ තරගාවලි අතරතුර ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පනවා ඇති වාරණයයි.

කණ්ඩායමේ රහස් තොරතුරු ලබා ගැනීමට හෝ තරග පාවාදීම් සඳහා පොළඹවා ගැනීමට විවිධ පාර්ශවයන් විසින් "ලිංගික පෙලඹවීම්" යොදාගැනීමේ අවදානම මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව, තරගාවලි අතරතුර ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට අවසර හිමි වන්නේ සිය වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමටයි.

ක්‍රීඩකයින්ගේ වෘත්තීය පෙනුම (Professional Look) ආරක්ෂාකර ගැනීම සඳහා නවසීමා රැසක් පනවලා තිබෙනවා.

තරග, පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් කරාබු පැළඳීම සහමුලින්ම තහනම් කරලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිලධාරීන් හමුවීමට පැමිණීමේදී කොට කලිසම් හා සෙරෙප්පු පැළඳ පැමිණීමට මින්පසු අවසර ලැබෙන්නේ නැහැ.

සමාජ මාධ්‍ය තුළ කණ්ඩායමේ සහජීවනයට බාධාවන අයුරින් කටයුතු කිරීම මෙන්ම, මුදල්ගෙවා තමන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීමද තහනම් කරලා තිබෙනවා.

එසේම, ඕනෑම අවස්ථාවක අසභ්‍ය වචන භාවිතය තහනම්වන අතර, එවැනි වරදක් සිදුකළහොත් දඩ මුදල් පැනවීමට කණ්ඩායම් කළමනාකරුට පූර්ණ බලය පවරලා තිබෙනවා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසු‍රෙන්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top