කවුරුත් නොසිතූ මොහොතක ආසියාවේ ධනවත්ම පුද්ගලයා මාරුවෙයි.. අම්බානි පරදා අදානි පෙරමුණට ආ හැටි!
Saturday, 18 April 2026 - 13:48 | Views - 75
වසර ගණනාවක් පුරා ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස අණසක පතුරුවාගෙන සිටි මුකේෂ් අම්බානිව පසුකරමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි එම ස්ථානය දිනාගෙන තිබෙනවා.
අදානි සමූහයට අයත් සමාගම්වල කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මේ පෙරළියට ප්‍රධානතම හේතුවෙලා තිබෙනවා.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaire Index) අනුව ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 92.6ක් වන අතර, මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලියන 90.8ක් ලෙස සටහන් වෙනවා.
අදානි සමූහයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ඉහළ ගිය අතර, 'අදානි පවර්' (Adani Power) 1% කින් ද, 'අදානි ටෝටල් ගෑස්' (Adani Total Gas) 2% කින් ද, 'අදානි පෝර්ට්ස්' (Adani Ports) 1.6% කින් ද ඉහළ ගොස් තිබෙනවා.
මේ ඉහළ යාමත් සමඟයි මුකේෂ් අම්බානිට වසර ගණනාවකට පසු දෙවැනි ස්ථානයට පසුබැසීමට සිදුවී තිබෙන්නේ.
කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළේ සිදුවන නිරන්තර උච්චාවචනයන් මත මේ ශ්‍රේණිගත කිරීම් ඉදිරියේදී නැවත වෙනස් වියහැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article