කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා රාජු කොටු වෙයි.. ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හැටි මෙන්න..
Saturday, 18 April 2026 - 13:02 | Views - 58
සංවිධානාත්මක අපරාධ ලෝකයේ ප්‍රබලයෙකු වන 'කරන්දෙණියේ සුද්දා'ගේ සහෝදරයා වන සනත් ද සිල්වා හෙවත් 'රාජු' නමැත්තා මෙරටට රැගෙන ආ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු තහවුරු කරලා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණියේ සුද්දා මෙරටදී සිදුකළ සියලුම මනුෂ්‍ය ඝාතන පිටුපස සිටි ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන්නේ මොහුයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අනාවරණය කරගෙන ඇති පරිදි, එම අපරාධ සැලසුම් කිරීම හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ සම්පූර්ණ වගකීම මොහු විසින් දරා තිබෙනවා.

කලක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි රාජු, පසුව ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. එහිදී ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහුව මෙලෙස මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙන්නේ.

රාජු මෙරටට රැගෙන ඒමත් සමඟ කරන්දෙණියේ සුද්දා විසින් මෙහෙයවනු ලැබූ තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවට ආරක්ෂක අංශ විශ්වාසය පළකරනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top