කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා රාජු කොටු වෙයි.. ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හැටි මෙන්න..
සංවිධානාත්මක අපරාධ ලෝකයේ ප්‍රබලයෙකු වන 'කරන්දෙණියේ සුද්දා'ගේ සහෝදරයා වන සනත් ද සිල්වා හෙවත් 'රාජු' නමැත්තා මෙරටට රැගෙන ආ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු තහවුරු කරලා තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණියේ සුද්දා මෙරටදී සිදුකළ සියලුම මනුෂ්‍ය ඝාතන පිටුපස සිටි ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන්නේ මොහුයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අනාවරණය කරගෙන ඇති පරිදි, එම අපරාධ සැලසුම් කිරීම හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ සම්පූර්ණ වගකීම මොහු විසින් දරා තිබෙනවා.
කලක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි රාජු, පසුව ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. එහිදී ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුවයි ඔහුව මෙලෙස මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙන්නේ.
රාජු මෙරටට රැගෙන ඒමත් සමඟ කරන්දෙණියේ සුද්දා විසින් මෙහෙයවනු ලැබූ තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවට ආරක්ෂක අංශ විශ්වාසය පළකරනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරලා තිබෙනවා.