තරුණ ජීවිතයක් නිවසේදීම නිහඬ වෙයි.. වැලිගම පවුල් ආරවුලක බියකරු අවසානය..
Saturday, 18 April 2026 - 12:09 | Views - 196
වැලිගම, පරණකඩේ ප්‍රදේශයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වෙමින් පවතිනවා.

තම මවගේ වැඩිමහල් සහෝදරයා එනම්, මාමා විසින් එල්ලකරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් වයස අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රී කාලයේදී සිදුවූ බව වැලිගම පොලිසිය සඳහන් කරනවා. මියගිය තරුණයා තම මව, පියා, සහෝදරයන් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමඟ එකම නිවසේ පදිංචිව සිටියා.

එහිදී මරණකරු හා ඔහුගේ මාමා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් තියුණු ආයුධයකින් මේ පහරදීම සිදුකර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ 58 හැවිරිදි මාමා මේ වන විට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවුල් ආරවුලකට හේතුවූ කරුණු පිළිබඳව වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.

එකම නිවසේ ජීවත් වූ සමීපතම ඥාතීන් අතර ඇති වූ කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, අවසානයේ 22 හැවිරිදි තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අහිමිවීම කණගාටුවට කරුණක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top