තරුණ ජීවිතයක් නිවසේදීම නිහඬ වෙයි.. වැලිගම පවුල් ආරවුලක බියකරු අවසානය..
Saturday, 18 April 2026 - 12:09 | Views - 197
වැලිගම, පරණකඩේ ප්රදේශයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වෙමින් පවතිනවා.
තම මවගේ වැඩිමහල් සහෝදරයා එනම්, මාමා විසින් එල්ලකරන ලද තියුණු ආයුධ ප්රහාරයකින් වයස අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
මෙම ඝාතනය ඊයේ (17) රාත්රී කාලයේදී සිදුවූ බව වැලිගම පොලිසිය සඳහන් කරනවා. මියගිය තරුණයා තම මව, පියා, සහෝදරයන් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමඟ එකම නිවසේ පදිංචිව සිටියා.
එහිදී මරණකරු හා ඔහුගේ මාමා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් තියුණු ආයුධයකින් මේ පහරදීම සිදුකර තිබෙනවා.
අපරාධයට සම්බන්ධ 58 හැවිරිදි මාමා මේ වන විට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවුල් ආරවුලකට හේතුවූ කරුණු පිළිබඳව වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
එකම නිවසේ ජීවත් වූ සමීපතම ඥාතීන් අතර ඇති වූ කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, අවසානයේ 22 හැවිරිදි තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අහිමිවීම කණගාටුවට කරුණක්.
Share This Article