වැව්රුකන්නල පන්සලේ කෞතුකාගාරයෙන් ඇසෙන අමුතුම පුවත.. පෞරාණික කඩුවක් අතුරුදන්!
Saturday, 18 April 2026 - 10:50 | Views - 85
දික්වැල්ල වැව්රුකන්නල බුදු රජමහා විහාරයේ කෞතුකාගාරයෙන් ඇසෙන මේ පුවත පිළිබඳව ඔබ දන්නවාද?

එහි තැන්පත් කර තිබුණු අතිශය වටිනා පෞරාණික කඩුවක් කිසිවෙකු විසින් සොරාගෙන තිබෙනවා.


මේ පිළිබඳව විහාරාධිපති හිමියන් විසින් දික්වැල්ල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරලා තිබෙනවා.

උන්වහන්සේ පවසන්නේ කෞතුකාගාරයේ තිබූ අඩි දෙකක් පමණ දිගින් යුත් මේ ලෝහමය කඩුව ඉකුත් 15 වැනි දින පස්වරු 5.00න් පසුව කිසිවෙකු විසින් සොරකම් කර ඇති බවයි.


දික්වැල්ල පොලිසිය මේ වන විටත් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යොදවා විමර්ශන පවත්වමින් සිටිනවා.

මේ සොරකම සම්බන්ධයෙන් වූ කරුණු වාර්තාව ලබන 20 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

දෙස් විදෙස් බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන වැව්රුකන්නල වැනි ඓතිහාසික පුදබිමක මෙවැනි සොරකමක් සිදුවීම කණගාටුවට කරුණක් ලෙසයි බොහෝදෙනා පවසන්නේ.

අපේ අතීත උරුමයන් රැකගැනීම සඳහා පන්සල් හා මෙවැනි කෞතුකාගාරවල ආරක්ෂාව මීට වඩා දැඩි වියයුතු බව බොහෝදෙනා පෙන්වාදී තිබෙනවා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top