ඉන්ධන ලබාගන්න ඔබට දුන්න සහනය අවසන්... අද රාත්‍රියේ සිට වෙනස් වෙන්නයි යන්නේ...
ඉන්ධන අර්බුදය, පහුගිය දවස්වල ජනතාව පීඩාවටපත් වුණ තවත් එක් කාරණයක් වුණා. කොහොම වුණත් ගතවුණ අවුරුදු කාලය වෙනුවෙන් හැම කෙනෙක්ටම ඉන්ධන කෝටාව ගැන ඇසුණේ සතුටු හිතෙන ආරංචියක්.
ඒත් ඔන්න අද ඉඳලා ඒ කතාව වෙනස් වෙනවා.
පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඉන් අනතුරුව නැවතත් QR ක්‍රමය ක්‍රියාත්මක බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.
උත්සව සමය වෙනුවෙන් පසුගිය 11 වැනිදා සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව මෙසේ ඉන්ධන ලබා දීමටයි එම සංස්ථාව කටයුතු කළේ.