තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට.. ශ්‍රී ලංකාව ගැනත් දැඩි අවධානයක්!
Friday, 17 April 2026 - 17:52 | Views - 107

ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක්වන තලපති විජේ නායකත්වය දරන ටී.වී.කේ. (Tamilaga Vettri Kazhagam) පක්ෂයේ මංගල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා නිල වශයෙන් එළිදැක්වුණා.
ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කළ මේ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන කරුණු කිහිපයක් ඇතුළත්වීම විශේෂත්වයක්.
විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුවක් වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට දැඩි බලපෑමක් එල්ලකරන බව ඔහු පවසා තිබෙනවා. තවද, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාලයක් තිස්සේ මතභේදාත්මක මාතෘකාවක් වී ඇති කච්චතිව් දූපත පිළිබඳව විජේ සිය අවධානය යොමුකර තිබෙනවා.
ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත ආශ්‍රිතව නිදහසේ ධීවර කටයුතු කිරීමට ඇති අයිතිය යළි තහවුරුකරන බව හා දෙරටේ ධීවර ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාගැනීමට මැදිහත්වන බව ඔහු පැවසුවා.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම හා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පෙනී සිටින බවද තලපති විජේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් අවධාරණය කරලා තිබෙනවා.
විජේගේ මේ ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රකාශ හරහා තමිල්නාඩුවේ වෙසෙන ලාංකික සම්භවයක් සහිත ඡන්ද දායකයින්ගේ හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ ආකර්ෂණය දිනාගත හැකිබව දේශපාලන විචාරකයින් පවසනවා.
Share This Article