1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් වෙයි. දෙවන හා තෙවන වාර වැඩපොත් බෙදාහැරීම ඇරඹේ.
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ, සිසුන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.මෙම වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේයි.1 ශ්‍රේණියේ II වන සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් මේ වන විටත් බෙදා හරිමින් පවතින අතර, 2026 අප්‍රේල් මස 30 වන දින වනවිට දිවයිනේ සියලුම පාසල් වෙත එම පොත් බෙදා අවසන් කිරීමට නියමිතවෙලා තිබෙනවා.නව විෂයමාලාව පිළිබඳව පළාත් ප්‍රාථමික විෂය අධ්යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් සාර්ථකව සිදුකරලා තිබෙනවා.
මීට අමතරව අවශ්‍ය වන ඕනෑම අමතර පුහුණු කිරීමක් පවතී නම්, ඒවා 2026 මැයි මස 16 වන දිනට පෙර අවසන් කරන ලෙසට පළාත් අධ්යක්ෂවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පළමු පාසල් වාරය තුළ 1 ශ්‍රේණියේ විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම්, ඒවා දෙවන පාසල් වාරය තුළදී සම්පූර්ණකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීලා තිබෙනවා.
මෙම නව ප්‍රතිසංස්කරණ හරහා 1 ශ්‍රේණියේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් විධිමත් හා ක්‍රියාකාරකම් මත පදනම් වූවක් බවට පත්කිරීම රජයේ අරමුණයි.