මැද පෙරදිග යුද්ධය ලංකාවේ සංචාරක කර්මාන්තයට තදින්ම පහර දෙයි.. සංචාරක පැමිණීම 18%කින් පහළට!
Friday, 17 April 2026 - 10:18 | Views - 203
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරත් සමඟ මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය, ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන හදවතක් බඳුවූ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරලා තිබෙනවා.

විශේෂයෙන්ම සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ඇදී එන මාර්තු හා අප්‍රේල් මාසවලදී මේ තත්ත්වය වඩාත් දරුණු වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ දත්ත දෙස බැලූවිට 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙවර මාර්තු මාසයේ සංචාරක පැමිණීමේ පැහැදිලි අඩුවක් තිබෙනවා.

2025 මාර්තු - සංචාරකයින් 229,298

2026 මාර්තු - සංචාරකයින් 183,979

වසරේ මුල් මාස දෙකේදී (ජනවාරි හා පෙබරවාරි) ඉතා සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළත්, මාර්තු මාසයේදී යුද තත්ත්වයත් සමඟ මේ ගමන අඩාල වෙලා තිබෙනවා.

යුරෝපීය සංචාරකයන් මෙරටට පැමිණීමේදී වැඩි වශයෙන් මැද පෙරදිග ගුවන් සේවා භාවිතා කරන නිසා, එම කලාපයේ ගුවන් ගමන් දහසකට වඩා අවලංගු වීම මෙරටට තදින්ම බලපා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන පරිදි මෙහි බලපෑම 75%ක් දක්වා ඉහළ ගියත්, මේ වන විට එය 20%ක් දක්වා තරමක් පහත බැස තිබෙනවා.

හෝටල් වෙන් කිරීම් (Bookings) 40%ක් පමණ අවලංගු වී තිබෙන අතර, ඒ නිසා මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 80ත් 90ත් අතර දැවැන්ත පාඩුවක් සිදු වී තිබෙන බවයි ශ්‍රී ලංකා හෝටල් සංගමය පවසනවා.

යුද්ධය නිසා රියදුරන්ගේ සංචාරක වෙන් කිරීම් 70%ක් පමණ අවලංගු වී තිබෙන බව ජාතික සංචාරක රියදුරු සංගමය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායල සංචාරකයන් පැමිණීම විශාල වශයෙන් අඩුවීම ඔවුන්ට තදින්ම දැනී තිබෙනවා.

යුරෝපීය වෙළෙඳපොළ අඩපණ වුවද, ආසියානු කලාපයේ රටවල් (ඉන්දියාව, චීනය, තායිලන්තය) හරහා ලැබෙන සංචාරක පැමිණීම 26%ක වර්ධනයක් පෙන්වීම යම් සැනසීමක්.

2026 වසරේ මිලියන 3ක සංචාරකයන් ගෙන්වීමේ මුල් ඉලක්කය දැන් පවතින තත්ත්වය මත මිලියන 2.5ක් දක්වා සංශෝධනය කිරීමට සිදුවෙලා තිබෙනවා.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ බංගලාදේශය වැනි රටවල ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට රජය දැන් අවධානය යොමු කරලා තිබෙනවා.

මැද පෙරදිග යුද්ධය අපේ රටේ ඩොලර් ආදායමට එල්ල කර ඇත්තේ සෘජු ප්‍රහාරයක්. යුද්ධය ඉක්මනින් නතර නොවුවහොත් සංචාරක කර්මාන්තයට තවදුරටත් අභියෝගාත්මක කාලයක් උදා වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top