දැදුරු ඔය බිලිගත් ජීවිත ගණන 8ක් දක්වා ඉහළට! අතුරුදන්ව සිටි 6දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ.
නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයින් 6 සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය තහවුරු කළා.
ඒ අනුව, මෙම අවාසනාවන්ත අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිසක් මෙලෙස දියේ ගිලී අනතුරට ලක්ව තිබුණේ ඊයේ (16) දිනයේදීයි.
දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු මෙසේ අනතුරට පත් වුණා.
අතුරුදන් වූවන් සෙවීම සඳහා ප්‍රදේශවාසීන්, පොලිසිය හා සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව සිදුකළ සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉතිරි සිරුරු හතර ද සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
මේ වනවිට එම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විනෝද චාරිකාවක් හෝ දිය නෑමක් සඳහා ගිය මෙම පිරිසට මුහුණ දීමට සිදු වූ මෙම අකල් මරණය මුළු ප්‍රදේශයම ශෝකයට පත්කරලා තිබෙනවා.
පවතින කාලගුණික තත්ත්වය හා ජල මට්ටම පිළිබඳව අවධානය යොමුකර දිය නෑමේදී වඩාත් විමසිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.