පිළියන්දල නිවස හදිසි සෝදිසියකට ලක්වෙයි! හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගේ නිවසින් මතු වූ යුද අවි.
Friday, 17 April 2026 - 8:58 | Views - 188
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගේ පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ පිහිටි නිවස තුළ තිබී නීති විරෝධී ගිනිඅවි හා ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබෙනවා. 

ඊයේ (16) පෙරවරුවේ සිදුකළ මේ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසු හිටපු මන්ත්‍රීවරයාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවුණා.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ අපරාධ කොට්ඨාසය මෙම වැටලීම සිදුකළා.

එහිදී නිවසේ ඉදිරිපස හා පිටුපස කාමරවල සඟවා තිබියදී T-56 මැගසින් 02ක් සහ T-56 ජීව උණ්ඩ 221ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, 84S වර්ගයේ ජීව උණ්ඩ 31ක් සහ 0.22 වර්ගයේ ජීව උණ්ඩ 103ක්, බෝර 16 ස්ටීවන් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සෝදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම පුපුරන ද්‍රව්‍ය සෙවීම සඳහා විශේෂ පුහුණුවලත් "අයිෂා" නමැති නිල සුනඛයාද සහභාගී කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ආයුධවලට අමතරව මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල දෙකක් හා බෝර 12, බෝර 16 වර්ගයේ ගිනි අවි දෙකක්ද සොයාගත් බවයි.

ඒවා හිටපු මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට අයත් බලපත්‍ර සහිත නිත්‍යානුකූල ගිනිඅවි බවට තහවුරු වී තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වන විට විදේශගතව සිටින බවයි පොලිසිය පවසන්නේ.

මෙතරම් විශාල නීති විරෝධී ආයුධ සහ පතොරම් ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, සැකකාර හිටපු මන්ත්‍රීවරයාව අද (16) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමටද පොලිසිය සූදානම්වන බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top