ගැඹුරු මුහුදේදී නාවික හමුදා දැලට හසු වූ ‘මත්ද්‍රව්‍ය යාත්‍රාව’ දික්ඕවිට වරායට.. සැකකරුවන් 4ක් අත්අඩංගුවට..
Friday, 17 April 2026 - 8:32 | Views - 93

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්වෙලා තිබෙනවා.
එම යාත්‍රාව හා එහි සිටි සැකකරුවන් සිව්දෙනා මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව දකුණු මුහුදේ ක්‍රියාත්මක කළ මෙම සෝදිසි මෙහෙයුමේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මේ දේශීය බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයටගෙන තිබෙනවා.
යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සල් ඇතුළත් උර කිහිපයක් සොයා ගැනීමට හැකි වෙලා තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවායේ වෙළඳපොළ වටිනාකම කොපමණද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ.
යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු සිදු කරන පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව එම තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.
මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධානීන් කවුරුන්ද යන්න හා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට සැලසුම්කර තිබුණේ කා විසින්ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සටහන: හිරු ප්රවෘත්ති ඇසුරිනි.
Share This Article