"ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුණොත් ලංකාවෙත් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා" ඇමති නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Thursday, 16 April 2026 - 17:00 | Views - 276
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල කෙරෙහි ද එහි බලපෑම එල්ල විය හැකිබව රජය පවසනවා.

අගලවත්ත ප්‍රදේශයේදී අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශකළා.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් හමුවේ මෙරට ඉන්ධන මිල ද සංශෝධනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

කෙසේ වෙතත්, ජනතාව මත පැටවෙන බර අවම කිරීම සඳහා ඉන් සැලකිය යුතු කොටසක් රජයේ භාණ්ඩාගාරය මගින් දරා ගැනීමට බලාපොරොත්තු වනබව ඔහු පැවසුවා.

මේ අතර, අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස 03 සඳහා විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය සූදානම් වන බවට තොරතුරු වාර්තාවෙනවා.

ප්‍රතිව්‍යුහගත කරන ලද නව මෙහෙයුම් සහ සම්ප්‍රේෂණ සමාගම් මගින් කර ඇති මෙම ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.

ජනතාව දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බැවින් මෙවැනි ගාස්තු ඉහළ නැංවීමක් අනුමත නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top