"ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුණොත් ලංකාවෙත් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා" ඇමති නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල කෙරෙහි ද එහි බලපෑම එල්ල විය හැකිබව රජය පවසනවා.
අගලවත්ත ප්‍රදේශයේදී අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්රකාශකළා.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් හමුවේ මෙරට ඉන්ධන මිල ද සංශෝධනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
කෙසේ වෙතත්, ජනතාව මත පැටවෙන බර අවම කිරීම සඳහා ඉන් සැලකිය යුතු කොටසක් රජයේ භාණ්ඩාගාරය මගින් දරා ගැනීමට බලාපොරොත්තු වනබව ඔහු පැවසුවා.
මේ අතර, අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස 03 සඳහා විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය සූදානම් වන බවට තොරතුරු වාර්තාවෙනවා.
ප්‍රතිව්‍යුහගත කරන ලද නව මෙහෙයුම් සහ සම්ප්‍රේෂණ සමාගම් මගින් කර ඇති මෙම ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.
ජනතාව දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බැවින් මෙවැනි ගාස්තු ඉහළ නැංවීමක් අනුමත නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි.
සටහන: හිරු ප්රවෘත්ති ඇසුරින්.