අක්මීමන මාරක අනතුර.. කන්දක් උඩදී පසුපසට ආ කැබ් රථයකට පදිකයෙකු බිලි!
අක්මීමන පොලිස් වසමට අයත් නරාවල ප්‍රදේශයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තාවුණා.
ඒ තමයි කන්දක් මත නවත්වා තිබුණු කැබ් රථයක් හදිසියේම පසුපසට ධාවනය වීමෙන් මාර්ගයේ ගමන් කළ පදිකයෙක් මාරක අනතුරකට පත්වෙලා තිබෙනවා.
ඊයේ (15) රාත්‍රී කාලයේදී නරාවල, පෝද්දල කාසල් හිල් වත්ත මාර්ගයේදී මෙම අනතුර සිදුවූ බව පොලිසිය පැවසුවා.
කන්දක් මත සිට පාලනයකින් තොරව පසුපසට ධාවනය වූ කැබ් රථය, එම අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කලත්, රෝහලට රැගෙන එන විටත් ඔහු අවසන් හුස්ම හෙළා ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.
මේ අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්වුනේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ අක්මීමන පොලිසිය, අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ 27 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබ් රථය කන්දේ සිට පසුපසට ඒම පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අක්මීමන පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.