Blood Pressure බලන්න ගිය වෛද්‍යවරියට නොහොබිනා වැඩක් කළ රෝගියාට වැඩ වරදියි!
Thursday, 16 April 2026 - 13:06 | Views - 161
අවුරුදු දවසේ අපිට අහන්න ලැබුණේ හරිම කනගාටුදායක පුවතක්.

තමන්ගේ ජීවිතේ ගැන පවා නොහිතා රෝගීන් සුවපත් කරන්න කැපවෙන වෛද්‍යවරුන්ට මේ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක ඇත්තටම පිළිකුල් සහගතයි.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්, තමන්ගේ රුධිර පීඩනය (Blood Pressure) පරීක්ෂා කරන්න ආපු සීමාවාසික වෛද්‍යවරියකට ලිංගික අතවරයක් කරලා දැන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලයි ඉන්නේ.

සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය අප්‍රේල් 14 වැනිදා, ඒ කියන්නේ සිංහල අවුරුදු දවසේ සවස 6.30 ට විතර. හිසේ තුවාලයක් නිසා පිඹුර රෝහලෙන් කළුතර නාගොඩ රෝහලට මාරුකරලා එවපු මේ පුද්ගලයා හිටියේ අංක 22 වාට්ටුවේ.

වෛද්‍යවරිය මොහුගේ ප්‍රෙෂර් එක බලන්න ගිය වෙලාවේ මුල්වතාවෙම මොහු ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරලා තිබෙනවා.

ඒ වෙලාවේ වෛද්‍යවරිය ඔහුට තදින් අවවාදකරලා, මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා කියලත් කියලා තිබෙනවා.

පුදුමෙ කියන්නේ වෛද්‍යවරිය එහෙම අවවාද කරලත්, ඊළඟ වතාවේ ප්‍රෙෂර් එක බලන්න ගිය වෙලාවේ මේ පුද්ගලයා ආයෙමත් හිතාමතාම ඒ වගේම නොහොබිනා වැඩක් කරපු එකයි.

ඉතින් තමන්ගේ රාජකාරියට බාධා කරමින් කරපු මේ අතවරය ගැන වෛද්‍යවරිය වහාම රෝහල් පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා.

මේ පැමිණිල්ල ගැන කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වලා, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.

කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ රෝහලටම ගිහින් රෝගියාව නිරීක්ෂණය කරලා, ඔහුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top