අවුරුදු නැකත් සීට්ටුවට අලුතින් ආපු "හදිසි රාජකාරී නැකත" හෙට! සම්පූර්ණ විස්තරය මෙන්න..
Thursday, 16 April 2026 - 12:13 | Views - 346
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතරේ මෙවර නැකත් සීට්ටුවට විශේෂ අලුත් නැකතක් ඇතුළත් වෙලා තිබුණා ඔබට මතක ඇති.
ඒ තමයි "හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත". අන්න ඒ නැකත හෙටට (17) යෙදී තිබෙනවා.
ඔබ හෙට හදිසි රාජකාරී සඳහා පිටත්ව යනවා නම්, හෙට පෙරවරු 5.38ට යෙදී ඇති මෙම නැකතට අනුව රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරී මිශ්‍ර කිරි බතක් ද, උදු මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදීසි රාජකාරී කටයුතු සඳහා පිටත්ව යෑම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.
ඒවගේම, අප්‍රේල් 20 වැනි සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකතද යෙදී තිබෙනවා.
මේ අතර පැළ සිටුවීමේ නැකත යෙදී ඇත්තේ, අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ටයි.
ඉතින්, මේ නැකත් වේලාවන් ගැන සැලකිලිමත් වෙලා, ලබන්නා වූ අවුරුද්දේ රාජකාරී කටයුතු සාර්ථකව ආරම්භ කරන්න.
සටහන: හිරු ප්රවෘත්ති ඇසුරිනි.
Share This Article