අවුරුදු නැකත් සීට්ටුවට අලුතින් ආපු "හදිසි රාජකාරී නැකත" හෙට! සම්පූර්ණ විස්තරය මෙන්න..
Thursday, 16 April 2026 - 12:13 | Views - 347
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතරේ මෙවර නැකත් සීට්ටුවට විශේෂ අලුත් නැකතක් ඇතුළත් වෙලා තිබුණා ඔබට මතක ඇති.

ඒ තමයි "හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත". අන්න ඒ නැකත හෙටට (17) යෙදී තිබෙනවා.


ඔබ හෙට හදිසි රාජකාරී සඳහා පිටත්ව යනවා නම්, හෙට පෙරවරු 5.38ට යෙදී ඇති මෙම නැකතට අනුව රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරී මිශ්‍ර කිරි බතක් ද, උදු මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදීසි රාජකාරී කටයුතු සඳහා පිටත්ව යෑම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.

ඒවගේම, අප්‍රේල් 20 වැනි සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකතද යෙදී තිබෙනවා.

මේ අතර පැළ සිටුවීමේ නැකත යෙදී ඇත්තේ, අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ටයි.

ඉතින්, මේ නැකත් වේලාවන් ගැන සැලකිලිමත් වෙලා, ලබන්නා වූ අවුරුද්දේ රාජකාරී කටයුතු සාර්ථකව ආරම්භ කරන්න.


සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top