අංක තහඩු එක්ක සෙල්ලම් කරන අයට වැඩ වරදියි.. නීතිය තද වෙයි!
Thursday, 16 April 2026 - 10:18 | Views - 248

ඔබත් ඔබේ වාහනයේ අංක තහඩුව ප්‍රමිතියෙන් තොරව වෙනස් කරලා තියෙනවාද? එහෙනම් මේ පුවත ඔබටයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නියමිත ප්‍රමිතියෙන් බැහැරව අංක තහඩු භාවිතා කරන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියලා දැන් පොලීසියට නියෝග ලැබිලා තිබෙනවා.
මේ ගැන සොයා බලා වහාම පියවර ගන්නා ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ සේනාධීර සියලුම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
මේ දවස්වල අලුතින් ලියාපදිංචි කරන වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් තිබෙනවා ඔබ දන්නවා ඇති. මේ තත්ත්වය අවස්ථාවක් කරගත්ත ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී විදිහට අංක තහඩු හදලා දෙන වැඩක් පටන් අරන් කියලා වාර්තාවෙලා තිබෙනවා.
ඇතැම් වාහන හිමියන් තමන්ට කැමති විදිහට විවිධ පාටවලින් සහ විවිධ අකුරු මෝස්තරවලින් යුත් අංක තහඩු සවිකරගෙන වාහන ධාවනය කරනවා.
මේ තත්ත්වය පාලනය කරන්න කියලා පොලිස්පතිවරයා විසින් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාව දැනුවත් කරලා තිබෙනවා.
පාරේ යනකොට රථවාහන නිලධාරීන් මේ ගැන දැඩි විපරමකින් ඉන්න නිසා, ඔබත් ප්‍රමිතියෙන් තොර අංක තහඩු පාවිච්චි කරනවා නම් ලොකු දඩයකට හෝ නීතිමය ගැටලුවකට පැටලෙන්න ඉඩ තිබෙනවා.
සටහන: හිරු ප්රවෘත්ති ඇසුරිනි.
Share This Article