කොළඹ ජල ඉල්ලුම පහළට.. යළි ජල කප්පාදුවක් වෙයිද? තීරණය 19 වැනිදායින් පසු!
Thursday, 16 April 2026 - 9:37 | Views - 192
පවතින වියළි කාලගුණයත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ජල කප්පාදුව ගැන අලුත්ම තොරතුරක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත්කර තිබෙනවා.

ඔබ දන්නවා ඇති, පසුගිය අප්‍රේල් 02 වැනිදා ඉඳලා හෝමාගම, පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදියර කිහිපයක් යටතේ ජල කප්පාදුවක් ක්‍රියාත්මක වුණා.

ඒත් සිංහල හා අලුත් අවුරුදු උත්සව සමය නිසා අප්‍රේල් 11 වැනිදා ඉඳලා ඒ කප්පාදුව තාවකාලිකව නතර කරන්න මණ්ඩලය පියවර ගත්තා.

සාමාන්‍යයෙන් අවුරුදු කාලෙට කොළඹ ජනතාව ගම්බිම් බලා යන නිසාත්, බොහෝ පෞද්ගලික සහ රජයේ ආයතන නිවාඩු ලබාදී වසා දමා ඇති නිසාත් මේ වන විට කොළඹ ජල ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවයි වාර්තාවුණා.

දැන් හැමෝම බලන් ඉන්නේ උත්සව සමයෙන් පස්සේ ආයෙත් ජල කප්පාදුවක් වෙයිද කියලා. මේ ගැන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජල සම්පාදන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙතෙක් ජල කප්පාදුව ගැන ස්ථිර තීරණයක් ඔවුන් අරගෙන නැහැ කියලා.

දැනට පවතින ජල ධාරිතාව හා ඉල්ලුම ගැන නැවත සමාලෝචනය කිරීමෙන් පස්සේ ලබන අප්‍රේල් 19 වැනිදායින් පස්සේ තමයි ජල කප්පාදුවක් කරනවාද නැද්ද කියන එක නිල වශයෙන් දැනුම් දෙන්නේ.

පවතින වියළි කාලගුණය නිසා තවමත් ජල මූලාශ්‍රවල මට්ටම සීමිතයි. ඒ නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන එක මේ වෙලාවේ අපේ වගකීමක්.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top