කෝටි 2ක සන්නිවේදන උපකරණ එක්ක චීන ජාතිකයින් 9ක් කටුනායකදී කොටුවෙයි!
Thursday, 16 April 2026 - 9:06 | Views - 186
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීමේ අරමුණින් මෙරටට පැමිණි බවට සැක කෙරෙන චීන ජාතිකයන් 9 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් (24,020,000) පමණ වටිනා අතිනවීන විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.

චීනයේ කුංමිං නුවර සිට අද අලුයම 12.25 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් තමයි මේ පිරිස මෙරටට පැමිණ තිබුණේ.

ඔවුන්ගේ හැසිරීම ගැන ඇතිවුණු සැකය මත සිදුකළ පරීක්ෂාවකදී තමයි මේ මහා පරිමාණ උපකරණ තොගය හමුවෙලා තිබෙන්නේ.

වඩාත්ම පුදුම හිතෙන කාරණය තමයි මේ උපකරණ ඔවුන් සඟවාගෙන ආපු විදිහ. තමන්ගේ සිරුරේ සහ ඇඳුම් ඇතුළේ සූක්ෂම ලෙස සඟවාගෙන ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් හා තවත් අමතර සන්නිවේදන උපකරණ රැසක් ගෙනැවිත් තිබෙනවා.

මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙම උපකරණ භාවිතා කරමින් මෙරට තුළ රැඳී සිටිමින් විවිධ පරිගණක මූල්‍ය අපරාධ (Online Financial Frauds) සිදුකිරීමට සැලසුම්කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ බලධාරීන් හා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

සටහන: කටුනායක ගුවන්තොටුපළ හිරු වාර්තාකරු ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top